Colombo Today Local News

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

ගල්ගමුව, මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු 03 ක් හමුවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද (07)දින උදෑසන ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මත එම නිවස පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුරු හමුවී ඇති බවයි.

වයස අවුරුදු 28 ක පමණ විවාහක කාන්තාවකගේ මළ සිරුරක්, අවුරුදු 10 පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සහ අදාළ කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද එම නිවසේ සිරුරක් එහි තිබී සොයාගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර පොලීසිය සැක පළ කරන්නේ, ඊයේ රාත්‍රී ඇති වූ යම් සිද්ධියකදී 28 හැවිරිදි පිරිමි පුද්ගලයා විසින් අදාළ කාන්තාව සහ ඇගේ දරුවා ඝාතනය කර ඔහු ද සියදිවි නසා ගන්නට ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Related posts

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

සුපිරි හරක්ගේ ශුක්‍රාණු ගේන්න කැබිනට් අනුමැතිය

Admin

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday