Colombo Today Local News

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

විශේෂ පාර්ලිමේන්තු දින දෙකක් ප්‍රකාශයට පත්කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාවක් ලබාදීමට මෙලෙස විශේෂ දින දෙකක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ද මෙයට එකඟතාව හිමිව තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 6 වනදා සහ 27 වනදා විශේෂ දින දෙකක් ලෙස පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

එම යෝජනාව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර ඇති අතර එහිදී පක්ෂ විපක්ෂ සමාජිකයින් එයට එකඟතාව පළකර තිබේ.

Related posts

මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල කොටස් විදේශ රටකට

colombotoday

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

Admin

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday