Colombo Today Local News

නිදහස් වෙළඳ කලාපවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගියද ආයතන වසා නැහැ

කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, පූගොඩ, බියගම, කටුනායක, තුල්හිරිය, කොග්ගල ආදි සියලුම නිදහස් වෙළඳ කලාපවල මේ වන විට කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගියද මෙම ආයතන වසා දැමීමට ආයතන හිමිකරුවන් තවමත් තීරණයක් ගෙන නොමැති බව වෙළඳ කලාප සේවක මධ්‍යස්ථානය පවසයි.

ආර්ථිකය කඩා වැටෙන්නට නොදී රැක ගන්න නම් වෙළඳ කලාප සේවකයන් නීරෝගීමත්ව සිටිය යුතු වුවත් කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල ඉතාම අවධානම් සහගත ලෙස නිදහස් වෙළඳ කලාපයට බලපා ඇති තත්ත්වයක සියලුම ආයතන සුපුරුදු පරිදි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම කනගාටුවට කරුණක් බව මෙම සේවක මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මේ වන විට ආයතන 15 ක 20 ක පමණ කම්කරුවන් කොවිඩ් ආසාදිත වී ඇති බවත් ඇතැම් ආසාදිත කම්කරුවන් සිය නේවාසිකාගාර වල රැඳී සිටින බවත්ය.

දින 14ක නේවාසිකාගාරවල රැඳී සිටින මෙම කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රුපියල් 5000 බඩු මල්ලවත් නොලැබෙන බවත්, රජය තවමත් මෙම කම්කරුවන් වෙනුවෙන් සහන ලබාදීමේ ප්‍රතිපත්තියක් සකසා නොමැති බවත් හෙතෙම පවසයි.

Related posts

අනුරට කරගන්න බැරුව දාල ගියාට පස්සේ අපි බාර ගන්නවා

Admin

අලුත් පක්ෂයට යෝජනා 13.000 ක්.. පක්ෂ ව්‍යවස්ථාව 30 වැනිදා එළියට

colombotoday

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

colombotoday

බදු නැතුව පෙට්‍රල් 150ට දෙන්න පුළුවන්?

Admin

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday

කොළඹ පාලුවට යයි – ප්‍රවාහන පහසුකම් අවමයි

colombotoday