Colombo Today Local News

ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

ඔක්සිජන් හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.

මේ අතර, කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ රෝහල්වල තවත් වාට්ටු කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සකස් කරමින් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin

පරාක්‍රමබාහූ රජුගෙන් පසු සහලින් රට ස්වයංපෝෂිත කලේ මමයි…

colombotoday

“එළුග තමිල්“ කිළිනොච්චියේ වැඩ අල්ලයි.. සතොස ගොඩනැගිල්ලට ප්‍රහාරයක් !

colombotoday

ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට

colombotoday

රවීට ඇමතිකමක් දෙන්න.. නීතිපති නිර්දේශ කර එවූ ලිපිය රනිල් හංගලා…!

colombotoday

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

Admin