Colombo Today Local News

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

gammanpila udd

බෞද්ධ විහාර හා දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමය නඩු මගට පිවිසෙන බව එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

බෞද්ධ විහාර හා දේවාලගම් පනතට ඉදිරිපත් කරන ලද සංශෝධනයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයේ කරුනු දැක්වීමෙන් අනතුරුව ඔහු මෙසේ අදහස් පල කලේය.

‘ආණ්ඩුව විසින් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට ඉදිරිපත් කරන ලද සංශෝධනය අපි ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ අභියෝගයට ලක්කරමින් ඉල්ලා සිටියා මෙම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවෙනි දහවෙනි දොලොස්වෙනි සහ දාහතරවෙනි වගන්ති උල්ලංඝනය කරන නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකට අමතරව ජනමත විචාරනයකටද ලක් කරන්න කියල.

මොකද මේ බෞද්ධ විහාර හා දේවාලගම් පනත ඉංග්‍රීසීන් ගෙනාවේ භික්ෂූන් වහන්සේලා රජයේ දැඩි අඬුවට ගෙන පාලනය කරන්න. අවාසනාවට ශ්‍රී ලංකාව 1948 නිදහස් උනත් තවමත් ආණ්ඩුව සිටින්නේ භික්ෂුන් වහන්සේලා විහාර දේවාලගම් රජයේ දැඩි පාලනයට යටත්කල යුතුයි යන ස්ථාවරයේ.

නමුත් මේ බෞද්ධ දේවාල හා විහාරගම් පිළිබඳව ආණ්ඩුවේ තියෙන දැඩි නීති මේ රටේ වෙනත් කිසිම ආගමකට නැහැ. බෞද්ධයන්ට විතරක් දැඩි අසාධාරනයක් කරල තියෙනවා. මේ පනතේ බෞද්ධයෙක් විය යුතු බවට ප්‍රතිපාදන නැති බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා මහ නායක හිමිවරුන්ටත් වඩා ඉහලින් තියලා බුද්ධ ශාසනය පාලනය කරන්න උත්සහ අරගෙන තියෙනවා.

ඒ වගේම දියවඩන නිලමේ තෝරාගැනීමේදි දළදා මාළිගාවේ වතාවත් වලට සෘජුවම සම්බන්ධ වෙන බස්නායක නිලමේවරුන් 31 දෙනෙකු ඉන්නවා. ඡන්ද අයිතිය අහිමිකරල තියෙනවා. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ගේ නායකයා තෝරා පත්කරගැනීමට තමන්ට අයිතිය තිබිය යුතුයි. අපි ජනාධිපතිවරයා තෝරාගන්නේ අපේ ඡන්දයෙන්. ඒ වගේ බස්නායක නිලමේ වරුන්ට තමන්ගේ නායකයා වන බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ අයිතිය තියෙන්නට ඕනි. ඒ අයිතිය උදුරාගෙන තියෙනවා.

ඒ විතරක් නෙවෙයි මේකෙ ඇමතිවරයාට හදන්නට පුළුවන් රෙගුලාසි හරහා පන්සලෙන් යම් ආදායමක් ආණ්ඩුවට දෙන්න ඕනි කියලා නියම කරන්න පුළුවන්. පන්සලෙන් ඒ ආදායම නොදුන්නොත් රුපියල් දස දහසක දඩයක් නියම කරනවා. දඩය ගෙව්වෙ නැත්නම් පන්සලේ හාමුදුරුවන්ව වසර දෙකකට හිරේ දාන්නත් පුළුවන්.

මෙවැනි බෞද්ධ විරෝධි අනිත් ආගම්වලට නැති දැඩි නීති රීති බුද්ධාගමට ගෙන ඒම ගැන අපි අද ශේෂ්ඨාධිකරනය ඉදිරියේ පෙන්නුම් කරලා අභියෝගයට ලක්කලා. ඒ විතරක් නෙවෙයි මේ පනතේ සියළුම විධිවිධාන සීමාකිරීම් අදාල වන්නේ ථෙරවාදී භික්ෂුන් වහන්සේලාට පමණයි. යම් භික්ෂුන්වහන්සේ කෙනෙක් මහායාන ආගමට ගියොත් මේ නීති රීති එකක්වත් අදාල වෙන්නෑ.

අර කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත වගේම මේ පනත්කෙටුම්පතත් ශ්‍රී ලංකාව තුල මහායාන ආගම ප්‍රචාරය කිරීමේ කූට අරමුනින් ගෙන ආ එකක් බවයි අපට පෙනී යන්නේ. නීතිපතිතුමන් මෙහි යම් යම් වගන්ති ඉවත්කරගන්න එකගවුනා. ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරි වගන්ති ගැන ගැබුරින් අධ්‍යයනය කොට මේ රටේ බෞද්ධයින්ට සාධාරණය ඉටුකරයි කියල අපි බලාපොරොත්තු වෙනවා’

– අරවින්ද අතුකෝරල

Related posts

කොටි කියන්නෙත් අපේ තරුණයෝ.. යුධ ජයගග්‍රහණ සැමරිය යුතු නැ.. මංගල පාඩම් කියාදෙයි

colombotoday

කිඹුලා ඇලට වැටුණු BMW I8 රියේ අයිතිකරු, කබීර්ගේ මස්සිනා පොහොට්ටුවේ මැයි රැලියෙන් මතුවෙයි

colombotoday

CID වාර්තාවෙත් තවත් රහස් එළියට… සුජීව කියූ බොරුවත් අතේ පත්තුවෙයි

colombotoday

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

colombotoday

“රාජාංගණය ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩු කාලේ” – හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන

colombotoday

සීතල පුටවල උදම් අනමින් සිටියදී ත්‍රස්තවාදීන් ගිනි පුපුරු අළු අතරින් මතුවනවා – සරත් ෆොන්සේකා කියයි

colombotoday