Colombo Today Local News

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

ranil-usaඇමරිකානු සමාගමක සහය ලබන වැඩසටහන් කලමණාකරණය කිරීමේ මධ්‍යගත ඒකකයක් පිහිටුවීමට සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවත් ඉදිරිපත් කර ඇත.

මාස තුනක කාලයකට එම ඒකකය පිහිටුවන අතර එහි කටයුතු ඇමරිකා එක්සත් ජනපදයේ මැකින්සි සමාගම වෙත ලබා දීමට අගමැතිවරයා නිර්දේශ කර ඇත. මේ සදහා කොන්ත‍්‍රාත් පදනම යටතේ වන ඩොලර් ලක්ෂ 23 (රුපියල් මිලියන 336) ක ගෙවීම අයවැයෙන් සිදුකෙරෙන අමතර වෙන් කිරීමක් ලෙස සංස්ථාපිත අරමුදලෙන් ලබාදිය හැකි බවටද අගමැතිවරයා යෝජනා කර ඇත.

මෙම ඒකකයේ කාර්යභාරය අගමැතිවරයා මෙලෙස විස්තර කර ඇත.

‘‘දිවයින පුරා කි‍්‍රයාත්මක ආර්ථික සංවර්ධන ව්‍යාපෘතීන් අන්තර්ග‍්‍රහණය කිරීම හා කාර්යක්ෂම කිරීමත්, රටේ ආර්ථිකය ප‍්‍රතිව්‍යූහගත කර එය තිරසාර සමාජ ආර්ථික ක‍්‍රමයක් බවට පත් කිරීමත් මෙම ඒකකයේ ප‍්‍රධාන කාර්යභාරය වේ. මැකින්සි සමාගම මේ සදහා තෝරාගැනීමට හේතුව වූයේ මෙවැනි කටයුතු වල නිතරව ඔවුනට සැළකිය යුතු තරමේ පළපුරුද්දක් තිබීමත්, ඔවුන්ගේ මැදිහත් වීම යටතේ ඉතාම සීඝ‍්‍රයෙන් දියුණු වන මලයාසියාව වැනි රටවල වැඩසටහන් කලමණාකරනය වෙනුවෙන් වන මධ්‍යගත ඒකක පිහිටුවීමට ඔවුන් කටයුතු කර තිබීමත් නිසාය.‘‘

Related posts

චීනය උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවයි

colombotoday

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday

දහවල් බූස්ටර් එන්නත ලබා ගත් යුද හමුදා කෝප්‍රල්වරයකු රාත්‍රියේ ඇදවැටී මියගිහින්

colombotoday