Business

දේශීය සහල් මිල අඩුවෙයි

සහල් මිල අඩුවී තිබෙන බව මරදගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පවසයි.

ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද සහල් මේ වනවිට වෙළෙඳපොළේ අඩු මිලට අලෙවි කෙරෙන බැවින් දේශීය සහල් සඳහා පවතින ඉල්ලුම අඩුවී ඇතැයි ද ඔහු කියයි.

දේශීය හොඳ තත්ත්වයේ සම්බා සහල් කිලෝවක් රුපියල් 225කටද, නාඩු සහල් කිලෝවක් රුපියල් 215කටද අලෙවි කෙරෙන බවත් පෞද්ගලික වී මෝල් හිමියන් නියමිත ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් රුපියල් 120 බැගින්ද, සියයට 18ක පමණ තත්ත්වයෙන් තිබෙන තෙත වී කිලෝවක් රුපියල් 100 බැගින්ද මිලදී ගන්නා බව ඔහු සදහන් කරයි.

ඉදිරියේදී සහල් මිල වැඩිවීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත්, ඉන්දියාවෙන් සහ චීනයෙන් ආධාර වශයෙන් ලැබුණු සහල් බෙදාහැරීමට නොහැකි තරමටම රට තුළ තිබෙන බවත් කී හෙතෙම ඉකුත් මහ කන්නයේ මිලදී ගත් වී තොග තවමත් වෙළෙඳපොළේ පවතින බව ද සඳහන් කළේය.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය සියලුම රසායනික පොහොර සැපයීමට කෘෂිකර්ම ඇමැතිවරයා පොරොන්දු වූ බවත්, ඒ අනුව කටයුතු සිදුවුවහොත් ඉදිරියේදී කිසිසේත්ම සහල් ගැටලුවක් උද්ගත නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

පාරිභෝගිකයන්ට පරණ ජම්බෝ පීනට් කවන්න යද්දී Renuka Foods මාට්ටු. කෝටි දෙකක පීනට් තොගයක් අත්අඩංගුවට

colombotoday

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

colombotoday

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

colombotoday

ඕස්ට්‍රේලියන් කිරි ගවයින් 1317 ක් මාගම් තොටින් ගොඩබසී

colombotoday

දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලට

colombotoday

කිරිපිටි ගෙන්වීම නවත්වයි

colombotoday