Business

දේශීය සහල් මිල අඩුවෙයි

සහල් මිල අඩුවී තිබෙන බව මරදගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පවසයි.

ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද සහල් මේ වනවිට වෙළෙඳපොළේ අඩු මිලට අලෙවි කෙරෙන බැවින් දේශීය සහල් සඳහා පවතින ඉල්ලුම අඩුවී ඇතැයි ද ඔහු කියයි.

දේශීය හොඳ තත්ත්වයේ සම්බා සහල් කිලෝවක් රුපියල් 225කටද, නාඩු සහල් කිලෝවක් රුපියල් 215කටද අලෙවි කෙරෙන බවත් පෞද්ගලික වී මෝල් හිමියන් නියමිත ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් රුපියල් 120 බැගින්ද, සියයට 18ක පමණ තත්ත්වයෙන් තිබෙන තෙත වී කිලෝවක් රුපියල් 100 බැගින්ද මිලදී ගන්නා බව ඔහු සදහන් කරයි.

ඉදිරියේදී සහල් මිල වැඩිවීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත්, ඉන්දියාවෙන් සහ චීනයෙන් ආධාර වශයෙන් ලැබුණු සහල් බෙදාහැරීමට නොහැකි තරමටම රට තුළ තිබෙන බවත් කී හෙතෙම ඉකුත් මහ කන්නයේ මිලදී ගත් වී තොග තවමත් වෙළෙඳපොළේ පවතින බව ද සඳහන් කළේය.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය සියලුම රසායනික පොහොර සැපයීමට කෘෂිකර්ම ඇමැතිවරයා පොරොන්දු වූ බවත්, ඒ අනුව කටයුතු සිදුවුවහොත් ඉදිරියේදී කිසිසේත්ම සහල් ගැටලුවක් උද්ගත නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

colombotoday

කොළඹ කොටස් වෙළඳපොළෙන් විශේෂ නිවේදනයක්

colombotoday

නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

colombotoday

Amazon and Alphabet report sales surge this quarter

colombotoday

අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරු

colombotoday