Colombo Today Local News

උගන්ඩා ජනපතිගේ පස්වන දිවුරුමට, විශේෂ ආරාධනයෙන් හිටපු ජනපති දිවයිනෙන් පිටත් වෙයි

පස්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට පත්වූ යොවේරි මුසවේනිගේ දිවුරුම් දීමේ උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස ආරාධනා ලැබ ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. මේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කර ඇති නිවේදනයයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය

ශ‍්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මැයි 11 වන දා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතය. උගන්ඩා ජනරජයෙන් මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිල ආරාධනාව ලැබී ඇත්තේ එරට ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි මහතාගේ හයවෙනි වරට ජනාධිපති පදවි ප‍්‍රාප්ති ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සදහායි. උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපති වරනයෙන් 61‍්‍ර%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡුන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත.

ව්‍යුහාත්මක ගැලපුම් ආර්ථික සංකල්ප ක‍්‍රියාවට නංවමින් උගන්ඩාවේ ආර්ථිකය සාධනීය වෙනසකට පත්කල නායකයා ලෙස සහ AIDS උවදුර තුරන් කිරීමේ ලෝක අරගලයට ඉහලම දායකත්වයක් සපයන අප‍්‍රිකානු නායකයෙකු ලෙසත් උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි ලෝක අවධානයට ලක්වුනු අයෙකි. යොවේරි කජුටා මුසෙවෙනි ජනාධිපති ටැන්සානියා ආර්ථික විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ දේශපාලන විද්‍යා පිළිබ`ද උපාධිධරයෙකි.

පසුගිය රජය නොබැදි ජාතීන් සමග පැවැත්වූ සුහද සම්බන්ධතාවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ආරාධනාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබී ඇත.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්

Related posts

තරුනියක් කෙලෙසූ තැපැල් සේවකයෝ.

Admin

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin