Colombo Today Local News

ආණ්ඩුව, ඇමතිලා පිස්සු නැටුවා.. භික්ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන නොහිටින්න ජනතාව මරු කටේ

සිදුවූ ආපදා තත්ත්වයේදී ජනමාධ්‍ය,මහා සංඝරත්නය,හා පුරවැසි සංවිධාන නොසිටියේනම් පීඩාවට පත්වූ ජනයා මේවන විට මරණයට පත්ව ඇති බව පූජ්‍ය ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමි පවසයි.

එම නිමා පීඩාවට පත් ජනයාට සේවය කළ මේ සියලුදෙනාටම තමන් පිං දෙන බව උන්වහන්සේ කියා සිටියේ ඊයේ(23)‍නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදීය.

දැන් දැන් වෙද්දී රජයේ යම් යම් මැදිහත්වීම් දක්නට ලැබුණද මුලාරම්භයේ කිසිදු ශක්තියක් පෙන්නුම් නොකළ බව සද්ධාතිස්ස හිමියන් මෙහිදී පෙන්වා දුන්නේය.

අවම වශයෙන් ඒ ඒ ප්‍රදේශවල කොයි කොයි තරමින් පිරිස් අවතැන්වී සිටීද,ඒ ඒ අයට අවශ්‍ය වන්නේ මොනවාද යන්න පිළිබඳ හෝ කිසිදු තක්සේරුවක් නොතිබුණු බව උන්වහන්සේ සඳහන් කළේය.

මෙවැනි අවස්ථාවල ප්‍රසන්න සෝලංගආරච්චි නම් දේශපාලනඥයා මිනිසුන් විසින් ගෙන ගිය ආධාර අංගොඩ හංදියේ මග ඇහිරෙන ලෙස විශාල හට් එකක් සාදා මිනිසුන්ගෙන් ඒවා ලබාගෙන තමන්ගේ නම ගසා තමන් පරිත්‍යාග කරන ලෙස පෙන්නමින් ගොං වැඩ කළ බවද උන්වහන්සේ කියා සිටියේය.

 

Related posts

මංගල සහ එමානුවෙල්ගේ ජිනීවා කසුකුසුව සහ රට පාවා දීම

colombotoday

දින අටක් තිස්සේ පීසීආර් යන්ත්‍රයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නෑ. | නුවරඑළිය රෝහලේ පීසීආර් පරීක්ෂණ නවතියි.

colombotoday

මාස හයක් සදහා පෞද්ගලික සමාගම් තුනකින් විදුලිය මිළදී ගැනීමට තීරණය කරයි…

colombotoday

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා විරෝධතාවකට සැරසෙයි

colombotoday

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday