Colombo Today Local News

ශ්‍රීලනිපයෙන් මාව එළෙව්වොත්, ආපහු ගිහින් වැටෙන්නෙ ජනතාව ළගටමයි

President-Mahinda-Rajapaksaශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් එළවා දැමුවහොත් තමන් යළි වැටෙන්නේ ජනතාව ළගටම බව තමන්ට විශ්වාස යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පුත්තලම කිවුල ශ්‍රී ලෝකානන්ද විහාරස්ථානයේ පැවති පිංකමකට සහභාගී වෙමන් හිටපු ජනාධිපතිවරයා පෙරේදා (10) මේ බව පැවසීය.

වැඩිහිටියෝ විදිහට අපි කියන්න ඕන ක්‍රෝධය, වෛරය හොඳ නෑ කියලනේ. තරහ තිබුණට කමක් නෑ. අපි එක්ක ඒක පෙන්නන්න එපා. එවිට තමයි ඒ වැරදි ආදර්ශ කියලා අනෙක් අයට පෙන්නන්න සිද්ධ වෙන්නේ. අද මොවුන්ගේ ක්‍රෝධය, වෛරය උච්ච ස්ථානයකට ඇවිත්. වයසට යද්දී ක්‍රෝධය වෛරය අඩු කරගන්න ඕන.

මං අහගෙන හිටියා, මේ මිනිහා වයසට ගිහින්, දෙපාරක් පැරදිලා තියෙනවා. එහෙම පැරදුණාම ජනතා මතයට කන්දීලා ගෙදර ගිහින් නිදා ගන්න ඕන කියලා. මම ඇත්ත වශයෙන්ම එහෙම තමයි කරන්න හිතාගෙන ගියේ. ඒත් තමුන්නාන්සේලා ලොරි අරගෙන, බස් අරගෙන ලංකාවේ හතර දිග්බාගෙන්ම ඇවිත් මට කිව්වා, මෙහෙම නිකන් ඉන්නෙපා කියලා. මම මාස තුනක් උදේම නැගිටිනවා. සමහර දවස්වලට නිදාගන්නත් නෑ. රෑ වෙනතුරු සෙනඟ එනවා. මේ නිසාම මම ‍පොරොන්දු වුණා ගමට එන්න. ගමට ඇවිත් පන්සලට ගියහම විශ්‍රාම ගියපු මිනිහට බණින්න පටන් ගත්තා. ඊට පස්සේ චෝදනා කරන්න පටන් ගත්තා. එහෙම වුණහම ඊට උත්තර දෙන්නත් වෙනවනේ. මම උත්තර දෙන්න පටන් ගත්තා. එතකොට මන්ත්‍රීවරු ඇවිත් කිව්වා ඊළඟ මැතිවරණය ඉල්ලන්න කියලා. මමත් කැමැති වුණා. එහෙමනේ වුණේ. ඒ නිසා අපි විශ්‍රාම ගන්න ඕන වෙලාවක ලෑස්තියි. ජනතා ඉල්ලීමට ඇහුම්කන් දුන්නා.

ඒත් ජනතාව කළ ඉල්ලීම අනුවයි දේශපාලනයට ආවේ. මම එක වතාවයි පැරදුනේ. සමහරු විසි අට වතාවක් පැරදිලත් ඉන්නවා. 2005 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා මාත් එක්ක ඡන්දෙ ඉල්ලලා ජනාධිපතිවරණයේ දී පරාජය වුණා.. ඒ හිටපු නිසා තමයි අද අගමැති වෙලා තියෙන්නේ. දෙවන පාර මම පරාද වුණේ නෑ. ඒ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මම ‍නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි. ඔහුයි සභාපතිවරයා. මම ‍නෙවෙයි පරාද ඔහුයි. මම කුරුණෑගල මන්ත්‍රීකම ඉල්ලුවා විතරයි. මම මන්ත්‍රීකම නැති කාලෙත් හැමතැනම ඇවිදිනවා. මම රැස්වීම්වලට යනවා. ඒක සංවිධායකවරයකුගේ යුතුකම, වගකීම. මම එය ඉටු කළා. ඒත් පක්ෂයේ සභාපති මම ‍නෙවෙයි. පක්ෂයේ ‍ලේකම් ඉන්නවා. ඒ නිසා මට චෝදනා කරන්න බෑ. මම කියනවා එකපාරයි ආනන්ද, මං පැරදුනේ. වැරදුණා ඔයාට.

මේක තමයි ඇත්ත කතාව. මිනිස්සු ලොකු බලා‍පොරොත්තු තියා ගත්තා. අද ‍පොහොර ටික ලැබෙන්නේ නැහැ. සල්ලි ටිකක් දෙනවා. ඒ දුන්නට ඒක මදි. අපි ‍පොල්වලට දුන්නා. තේ, රබර්, එළවළු මේ සියලු දෙනාට ‍පොහොර දුන්නා. ලාභෙට ‍පොහොර දුන්නෙ රට ස්වයං‍පෝෂිත කරන්න. ඒ සියල්ල කරලා, දැන් අපිව අරගෙන යන්න හදන්නේ මඩ ගහලා, හිරේදාලා මිනිස්සු අතර අපිව පිරිහීමට ලක් කරන්න පුළුවන්ද කියලා බලන්නයි. යැයිද හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Related posts

ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් නම් සරසවි ගමන සිහිනයක්‌මයි !

colombotoday

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday

හෝටල් කාමරයක කතක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Admin

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

කඩිනමින් එන්නත් ක්‍රියාවලිය සිදු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

colombotoday