Colombo Today Local News

“නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ… මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ” – අරගලයට මුහුණ දෙන හැටි සනත් නිශාන්ත කියයි

ගෝඨා ගෝ ගමට බුදුගුණ ගයලා වැඩක් නැති බවත් ඒ අයට සලකන හොඳ විදියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

නිශාන්ත මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට හරියට මුහුණ දුන්නේ නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නෙවෙයි මේක සනත් නිශාන්තගේ මතය. සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිණිය 71 කැරැල්ලට මුහුණ දුන්නා නම්, 1988 1989 ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ප්‍රේමදාස මහත්මයාට ඒ කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් වුණා නම් එදා ත්‍රස්තවාදීන්ව මර්දනය කරගත්තානං කරන්න බැරි ඇයි . මට තේරෙන විදියට මේ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නෑ.නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ. මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ඒ සලකන්න ඕන විදිහට සලකපු නැති එකේ ප්‍රතිපලය තමයි අද මේ තියෙන්නෙ”‘

”අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය වෙලාව ඒ අය මාත් එක්ක කිව්වා ඔය ගම්මානේ සමහර වෙනම කුටි තියෙනවා. ගංජා ගහන කුටි සමහර කුටි තියනවා අයිස් ගහන කුටි හෙරොයින් ගහන කුටි. ඒ වගේ වැඩ වෙනවා. ඔබතමුන්නාන්සේලා දකින්න ඇතිනේ සමාජ ජාලාවල ගියා. පොලිසිය යන්න පොලිසිය යන්න මේක අපේ ගම කියලා පොලිසියට තර්ජනය කරනවා. දැන් ඒ ගමේ නීතියක් නැද්ද? මේ රටේ ග්‍රාම සේවා වසම් දාහතරදාහස් විසිදෙකක් තියෙනවා. ලියාපදිංචි අංකයක් තියෙන ග්‍රාම නිලධාරි වසමේ තියන නීතිය ගෝඨා ගම කියන ගමට නැද්ද?”

Related posts

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට – අධිකරණය තහවුරු කරයි

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin

අර්ජුන මහේන්ද්‍රන්ගේ බිරිද සිංගප්පූරුවේදී අගමැති රනිල් හමුවෙයි..

colombotoday

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday