Colombo Today Local News

72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

ශ්රිී ලංකාවේ 72 වැන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම වෙනුවෙන් චීන මහජන සමූහාණ්ඩුවේත්, චීන ජනතාවගේත් ජනපති ලෙස තමන්ගේත් සුබ පැතුම් ශ්‍රී ලංකාවට හා ජනතාවට එක්කරන බව ඔහු සඳහන් කරයි.

“ චීන – ශ්‍රී ලංකාව අතර සබඳතා අතීතය දක්වා දිව යනවා. ඒ දෙපාර්ශ්වයේම අවබෝධය, විශ්වාසය හා සහයෝගය මතයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකා – චීන සබඳතා නව ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ හරහා නව අවස්ථාවන්ට මුහුණ දී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා දේශපාලන, ආර්ථික හා වෙළඳ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීමට, සමීප පුද්ගල හුවමාරුවන් හා නව ශ්‍රී ලංකා චීන සබඳතා වෙනුවෙන් ක්‍රමෝපායික සබඳතා ශක්තිමත් කිරීම  සඳහා ඔබත් සමග කටයුතු කිරීමට කැමතියි.

සෞභාග්‍යමත් හා සතුට පිරි නිදහසක් වෙනුවෙන් ශ්‍රී  ලංකාවට හා ජනතාවට සුබ පැතුම්” යැයි ඔහු සඳහන් කරයි.

Related posts

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි

colombotoday

මුව ආවරණ නීතිය ඉවතට

colombotoday

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

ඉදිරි පැය 24 තුළ ගංවතුර ගැලීමේ අවදානමක්

colombotoday

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday