Colombo Today Local News

සොරාගත් දුරකතනය සොයා ගිය පියා මරුට. පුතුන් දෙදෙනාටත් පිහියෙන් ඇනලා..

රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

මරණකරු වයස අවුරුදු 55ක් වන කැන්දලියද්දපාලුව, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරුගේ ජංගම දුරකතනය සැකකරු සොරාගෙන ඇති බවට දැන ගෙන මරණකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඒ පිළිබඳව විමසීම සඳහා සැකකරුගේ නිවසට ගොස් ඇත.

එහිදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු මරණකරුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට පිහියකින් ඇන තුවාල සිදු කර පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

එහිදී බරපතළ තුවාල ලබා සිටි මරණකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු ද තුවාල ලබා සිටීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

Admin

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

colombotoday

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday

සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර ලෙස නම් කර ජනපති මෛත්‍රී නික්ම යයි

colombotoday

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹන්න ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර

colombotoday

අලුත් වාහන ගන්නේ බලාගෙනයි.. අලෙවිය තහනම් වූ ඉන්දීය වාහන මෙරට වෙළදපොළට !!

colombotoday