Colombo Today Local News

සොරාගත් දුරකතනය සොයා ගිය පියා මරුට. පුතුන් දෙදෙනාටත් පිහියෙන් ඇනලා..

රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

මරණකරු වයස අවුරුදු 55ක් වන කැන්දලියද්දපාලුව, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරුගේ ජංගම දුරකතනය සැකකරු සොරාගෙන ඇති බවට දැන ගෙන මරණකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඒ පිළිබඳව විමසීම සඳහා සැකකරුගේ නිවසට ගොස් ඇත.

එහිදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු මරණකරුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට පිහියකින් ඇන තුවාල සිදු කර පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

එහිදී බරපතළ තුවාල ලබා සිටි මරණකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු ද තුවාල ලබා සිටීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday

“රක්නා ලංකා” සමාගම, ඇමති ධම්මිකගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

colombotoday

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday

නව ව්‍යවස්ථාවට ජනමතවිචාරණයක් ස්ථීරයි – ඇමති කිරිඇල්ල

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

Admin

යහපාලන නියමුවන්ට ලඟ ලඟ මරු එන්නේ ඇයි? හේතුව ජෝතිෂ්‍ය ඇසින් විජිත රෝහණ කියයි

colombotoday