Colombo Today Local News

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේදී විශේෂ යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් ප්‍රධානතම යෝජනාව වන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

මීට අමතරව අද දිනයේ දී විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාවක් සහ වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරාගෙන වගා කරන පුද්ගලයින්ට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ද අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට නියමිතය.

මේ අතර රජයට අයත් ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරීම අද දිනයේ සිට සිදුකෙරේ.

Related posts

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

ජවිපෙ අපේක්ෂකයා නිසා ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු වුණා – ගම්මන්පිල

colombotoday

රාජගිරියේ රිය අනතුර – චම්පික රණවක සහ තවත් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday