‘බුරවි’ සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 12 ක නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ, ඒ අතර පූර්ණ නිවාස හානි 50 ක් වන බවයි.
මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 289 කට ද හානි සිදුව ඇති බව ඔහු කියා සිටියේ ය.
මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ , හානි වූ නිවාස සඳහා වන්දි ලබාදීම කඩිනමින් සිදු කරන බවයි.