Colombo Today Local News

මහර තිබූ පෙති ගැන විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර

මහර බන්ධනාගාරයේ ගබඩා කර තිබූ පෙති වර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

ඒ, අදාළ පෙති පානය කිරීමෙන් බන්ධනාගාර රැඳවියන් ආවේගශීලි ලෙස හැසිරුණු බවට පළවන මත සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීම සඳහා ය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(3) දිනයේත් ප්‍රකාශ 30 ක් ලබා ගත් බවයි.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 13 ක්, රැඳවියන් 12 ක් ,බන්ධනාගාර වෛද්‍යවරයෙක් හා පිරිමි හෙද නිලධාරීන් 4 දෙනෙකු ද වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ය.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති සමස්ත පිරිස 56 කි.

පසුගියදා සිදුවූ මහර බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර තවත් 108 දෙනෙකු තුවාල ලැබුවේ ය.

ඒ අතර නිලධාරීන් දෙදෙනෙකු ද වේ .

Related posts

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

colombotoday

රනිල්ගෙන් පොහොට්ටුවන්ට කුණු බැනුම්

Admin

අනර්කලී සොයා FCID ඇමරිකාවට

colombotoday

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday

බැප්ස්ටියන් මාවතේ වෙඩි තබා මාරා දැමූ එප්පාවල තරුණයාගේ විස්තරය මෙන්න. – රැකියාවේ ආරවුල ගැන සොහොයුරා හෙළිකරයි.

colombotoday

නවකවදය දෙන්නම පෙරටුගාමී ලොක්කෙක් මාතර ගිහින් – නවකවදය දරාගත නොහැකිව රුහුණේ සිසුවියක් රෝහල් ගත කෙරේ !

colombotoday