Colombo Today Local News

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

පැවති පළාත් පාලන මැතිවරණයේදී බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ බව දක්වමින් ගෙන යන ප්‍රචාරවලට එරෙහිව අද (14) එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල මෙසේයි…


14/02/2018
පුජිත ජයසුන්දර මහතා,
පොලිස්පති,
පොලිස්පති කාර්යාලය,
කොළඹ.

පොලිස්පතිතුමනි,
පැවති පළාත් පාලන මැතිවරණයේදී බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ බව දක්වමින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චන්දය ලබාදුන් සැමට පුජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ස්තූති වන්ත වෙන බව සඳහන් අසත්‍ය පුවතක් LankaExpress නමැති facebook පිටුවක් (https://www.facebook.com/LankaExpress.LK/posts/414930815608978) මගින් ප්‍රචාරය කරමින් සිටියි.
අප සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදැක්වූ අතර එවැනි ප්‍රකාශයක් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කිසිදු අවස්ථවක සිදු කර නොමැත.
ජනතාව නොමග යවමින් අප සංවිධානය සහ පුජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අපහසුතාවයට පත් කරමින් බොරු ප්‍රචාර සිදු කිරීමට සම්බන්ද පුද්ගලයින් සහ කණ්ඩායම් සොයාබලා වහා නිතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
තෙරුවන් සරණයි.
කථිකාචාර්ය දිලන්ත විතානගේ,
ප්‍රධාන විධායක නිලධාරී – බොදු බල සේනා.
ශ්‍රී සද්ධර්මරාජික විහාරය, අංක 615, නාවල පාර, රාජගිරිය.

Related posts

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

colombotoday

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

Admin

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin