Covid 19

ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තාවීම කළුතරින්

ගෙවුණු දිනයේ (15) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,314 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානි, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

📌කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 309 ක්,

📌ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් – 259 ක් ,

📌කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 184 ක් ,

📌මොනරාගල දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් – 165 ක්

📌කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 160 ක්, ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් 06 වනදා සිට 14 වනදා දක්වා දින නවයක් තුළ ප්‍ර‍මාද වී වාර්තා කරන ලදුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ (15)දින තහවුරු කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව ද සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 496,423 ක් දක්වා ඉහළ යන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 57,470ක් වන අතර සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 427,254කි.

මේ අතර තවත් කොරෝනා මරණ 132 ක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව ද 11,699 ක් දක්වා ඉහළ ගියේ ය.

වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් තිදෙනෙකු ද වේ.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවූ ආසාදිතයින් 28 දෙනෙකු සිටි අතර ඉතිරි ආසාදිතයින් 101 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි.| ඊයෙත් කොවිඩ් මරණ 4ක්.

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

ප්‍රභූ ආරක්ෂකයන් 44 කටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday