World

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මිය යන විට ඔහු 53 වන වියේ පසු වූ බව ය.

ඊයේ (මැයි 31) රාත්‍රියේ කොල්කටාහි පිහිටි රෝහලකදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.

ජීවිතක්ෂයට පත්වීමට පැය කිහිපයකට පෙර, KK බටහිර ඉන්දියාවේ කොල්කටා නගරයේ ශ්‍රීමත් ගුරුදාස් මහාවිද්‍යාල විද්‍යාලයේ නස්රුල් මංචාහි ප්‍රසංගයක් ද පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ආරංචි මාර්ගවලට අනුව, ප්‍රසංගය අතරතුර KKට අසනීපයක් තත්ත්වයක් දැනී තිබුණ ද ඔහු එය නොතකා ප්‍රසංගය අවසන් වන තුරු ඉදිරිපත් කිරීමේ නිරත වී සිට තිබේ.

අද (1)දින ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

දශක තුනක කාලයක් බොලිවුඩ් චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වූ KK අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් විය.

දිල්ලියේ උපත ලද KK, ඔහුගේ පළමු ගීත ඇල්බමය වන ‘Pal’ නිකුත් කළේ 1999 වසරේදී ය.

ඔහු හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත ගායනා කළ ගායකයෙකි.

Related posts

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේ

colombotoday

චීනයෙන් නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් තිදෙනෙක් යවයි

colombotoday

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

colombotoday

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියර චීනය ප්‍රතික්ෂේප කරයි

colombotoday