Colombo Today Local News

දරුවන්ට කොවිඞ් එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතුයි – මහාචාර්ය තිස්ස විතාරණ

දරුවන් සඳහා කොවිඞ් මර්දන එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතු බවත් එය නිසි අධ්‍යයනයකින් සිදුකළ යුතු බවත් වෛරස් රෝග පිළිබඳව විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයෙන් ඉල්ලා සිටි.

දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යන බව ප‍්‍රකාශ වන බවත් එසේ සිදුකරන්නේ නම් එය නිසි අධ්‍යයනයකින් පසුව සිදුකළ යුතු බවත් ඒ මහතා කීවේය. මේ වන විට ඇමෙරිකාව පවා දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට එම එන්නත ලබාදීමට හදිසි නොවිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ෆයිසර් එන්නත කොවිඞ් වෛරසයේ කොටසක් ගෙන සකස් කරනු ලැබුවත් සයිනොෆාම් එන්නත අක‍්‍රීය කරන ලද කොවිඞ් වෛරසය උපයෝගී කරගෙන නිපදවන ලද්දක් නිසා ෆයිසර් එන්නතට වඩා සයිනොෆාම් එන්නත යම් ආරක්‍ෂාකාරී විය හැකි බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද තිස්ස විතාරණ මහතා පවසයි.

දැනට කොවිඞ් සඳහා භාවිත කරන එන්නත් සියල්ලම හදිසි අවශ්‍යතාව සඳහා භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරදී ඇති බවත් ඉදිරියේදී නව වෛරස් ප‍්‍රභේද ඇතිවුවහොත් ඒවායෙන්ද ආරක්‍ෂා විය හැකි එන්නත් ඉදිරිපත් විය හැකි නිසා රටේ අනාගත පරපුරට එන්නත් ලබාදීමට කඩිනම් නොවිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පොලී අනුපාත ඉහළට.. කොළඹ කොටස් හොම්බෙන් යයි.. බඩු මිළ තවත් ඉහළට !

colombotoday

අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

“බැංකුවල වංචා, ගැටළු ගැන සෙවීමේදී කීර්තිනාමයට හානි නොවන සේ කළ යුතුයි“ – අගමැති

colombotoday

රත්නප්‍රිය ගේ මන්ත්‍රීකම මාසයයි… දෙකෝටියක වාහන බලපත්‍ර සමග තවත් වරප්‍රසාද තොගයක් !

colombotoday

CIDයේ නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් !

colombotoday

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනයට පියවර

colombotoday