Colombo Today Local News

ධනපති පක්ෂවලට විරුද්ධව කෙළින් හිටගෙන ඉන්න ව්‍යාපාරය ජවිපෙ. සජිත් ප්‍රධාන නළුවට අභියෝග කරන්නේ නෑ .ජෝකර් කොහෙද ප්‍රධාන නළුවා පරාජය කරලා තියෙන්නේ?

ධනපති පක්ෂවලට එරෙහිව කටයුතු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ සිය පක්ෂයට එරෙහිව විවිධ චෝදනා එල්ල කිරීමට බොහෝ පිරිස් උත්සහ දරමින් සිටින බවය.

හිඟුරක්ගොඩ පුලතිසි තාරුකා මණ්ඩපයේදී ඊයේ (05)දින පස්වරුවේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 50 වන විරු සමරුවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකළේය.

“සරත් වීරසේකරලා කියනවා මේ අවුරුදු 2කට විතර කලින් සිදුවෙච්ච පාස්කුවලට අපිව ගෙනියනවාලු පොලීසියට. අපිත් ගෙනියනකන් ඉන්නේ. ඒ ගැන ගොඩක් තියනවා කතාවක් කියන්න. කවුද ගැහුවේ, මොකටද ගැහුවේ, පස්සේ ඉන්නේ කවුද, කරේ තියන් ගියේ කවුද? අපි කියන්නන්. කුඩා කුඩා බියගැන්වීම් වලින් ජනාධිපතිවරයාගේ කැකිල්ලේ කොමිසම් වලින් අපිව බය කරන්න. 1971 පරම්පරාවේ ආදර්ශයන් මඟ පෙන්වීම්, වීර්යය, අධිෂ්ඨානය උකුහාගන්නා මිනිසුන් අපි ඔය කුඩා කුඩා කෙනිත්තිලිවලට යටත්කරන්න පුලුවන් මිනිසුන් නොවන බව මතක තබාගන්න. සතුරා කෝපයට පත් වී තිබෙනවා. ඇයි සතුරට සෘජුව මුහුණ දෙන්නේ කවුද? සජිත් ප්‍රේමදාස, කවදාවත් කිසිදු චිත්‍රපටයක දී ප්‍රධාන නළුවට අභියෝග කරන්නේ නෑ ජෝකර්. ජෝකර් කොහෙද ප්‍රධාන නළුවා පරාජය කරලා තියෙන්නේ? කිසිදු චිත්‍රපටයක නෑ, ජෝකර් ජෝකර් නළුවා නළුවා එච්චරයි. ඒගොල්ලෝ අභියෝගයක් නෙමේ ඒ අයට. එක අන්තයේ මිනිස්සු එක රැකවරණය ලබන මිනිස්සු. එකට සහයෝගයෙන් කටයුතු කරන මිනිස්සු. ඒ නිසා අදත් මේ ධනපති පන්තියේ පක්ෂවලට විරුද්ධව කෙළින් හිටගෙන ඉන්න ව්‍යාපාරය මේ ජනතා විමුක්ති පෙරමුණ. සතුරා ඒක දන්නවා.”

Related posts

පොලිස් ලොක්කෙක් සහය දුන් රාජගිරියේ වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පහක්

Admin

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

සහරන්ගේ ලිපිගොනුව භාරව සිටියේ නීතිපතියේ මලික් අසීස්. අධීක්ෂණය අසාද් නවාවි. | උපදෙස් දීමට තරම් කරුණු තිබ්බේ නෑ. කොමිසමට කියයි.

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා මුදා හරී…

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සාම්පල වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත නොහැකියි – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday