Colombo Today Local News

දිස්ත්‍රික් දහයක ඩෙංගු අධි අවදානමක්

දිවයිනේ දිස්ත්‍රික් 10ක් පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කරගෙන තිබේ.

එම ඒකකයේ දත්තවලට අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වී ඇත.

ඒ අතරින් කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල දැඩි අවදානම් තත්ත්වයක් දක්නට ලැබෙන බව‍ සඳහන් වේ.

ඒ අනුව එම දිස්ත්‍රික්ක 05 කේන්ද්‍ර කරගනිමින් අද (30) උදෑසන සිට තෙදින මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 35ක් වේ.

දැඩි අවදානම් දිස්ත්‍රික්ක පහ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6328ක් සහ මරණ 11ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1983ක් සහ මරණ 04ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1253ක් සහ මරණ 05ක් මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1278ක් සහ මරණ 05ක් මේ දක්වා වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී ඇත.

Related posts

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

colombotoday

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ට ප්‍රශ්න… යුරෝපා සංගමය අගමැතිට දන්වයි

colombotoday

මහ බැංකු අධිපති 14වන දා ඉල්ලා අස්වෙයි

colombotoday

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

colombotoday

ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

Admin

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ 43ක් ගෙන්වයි

Admin