Colombo Today Local News

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

f65ebba4d1930db2bede2fac5ea52765_L

ඉකුත් රජයේ ප්‍රබලයන් රජයේ මුදල් යොදාගනිමින් සිය හිතවතුන්ගේ නම්වලට මිලදී ගත් බිලියන ගණනක් වටිනා දේපළ රජයට පැවැරීමට ඒවායෙහි නියම අයිතිකරුවන් තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර කෝටි ගණනක් වටිනා හම්බන්තොට සංචාරක හෝටලයක්, දෙහිවල පිහිටි සුඛෝපභෝගී නිවසක් ඇතුළු දේපළ කිහිපයක් මෙලෙස රජයට පැවැරීමට ඒවායෙහි හිමිකරුවන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් රජයේ ප්‍රබලයින්ගේ වත්කම් පිළිබඳව ‍පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වීමත්, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමත් නිසා බියට පත් වූ මොවුන් මෙම දේපළ රජයට පවරා දීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී මෙම පවරා දීමේ කටයුතු ආරම්භ කරනු ඇත.

 

Related posts

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

colombotoday

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

Admin