Colombo Today Local News

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූවකු මන්නාරම ,තාරාපුරම් ගම්මානයේ අවමඟුලකට සහභාගීවීම හේතුවෙන් එම අවමංගල්‍ය උත්සවයට සහභාගීවූ වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ද දින කිහිපයක් ස්වයං නිරෝධායනය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී තිබේ.

ඉන්දුනීසියාවේ සංචාරය කර පැමිණි පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය 18 වැනිදා මන්නාරම තාරාපුරම් ගම්මානයේ අවමඟුලට සහභාගීවී ඇති අතර එම පුද්ගලයාට වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එදින අවමගුලට සහභාගීවු මන්ත්‍රීවරයාද දින කිහිපයක් නිවස තුල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැණුම්දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය.

අවමංගල්‍ය උත්සවය පැවති තාරාපුරම් ගම්මානය මේ වන විට හුදකලා කර ඇති අතර එම අවමංගල්‍ය සඳහා සහභාගී වුවන් හදුනාගනිමින් ඔවුන් ස්වයං නිරෝධායනය වන ලෙස ආරක්ෂක අංශ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැණුම්දී තිබේ.

වවුනියාව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ දැණුම්දීම පිළිගනිමින් තමන් වවුනියාව සුසෙයිපිල්ලයාර් හි නිවස තුල දින කිහිපයක් ස්වයං නිරෝධායනයට ලක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා පවසා සිටියේ පසුගිය 18 වැනිදා තාරාපුරම් හි අවමඟුල් උත්සවයකට තම සොහොයුරා සමඟ සහභාගීවූ බවත් එහිදී පුත්තලම සිට පැමිණි අයකු එම අවමංගල්‍ය උත්සවයට සහභාගීවී සිටින බව තමන් දුටු බවත්ය.

අවමංගල්‍යට සහභාගීවු එම පුද්ගලයා හට වයිරසය ආසාදනයවී ඇති බවට ඉකුත්දා(07) අනාවරණ යවීමෙන් අනතුරුව අවමංගල්‍ය අවස්ථාව සඳහා සහභාගී වූවකු ලෙස තමන් ස්වයං නිරෝධායනය වන බවද කීය.

අවමංගල්‍ය දිනයට සහභාගීව දින 21 කාලයක් ගතවුවද වයිරසය ආසාදිතවූ පුද්ගලයා දින කිහිපයකට පෙර හදුනාගැනීම හේතුවෙන් ඉදිරි දින කිහිපය ස්වයං නිරෝධායනය වන බවත් තමන් සමඟ අවමංගල්‍ය අවස්ථාවට සහභාගීවු සොහොයුරා සහ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාද ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි…

colombotoday

GSP+ සහනය දෙනවනම් ලොකු දෙයක්.. ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ – මහින්ද රාජපක්ෂ

Admin

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

colombotoday

බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පොලීසිය මුදා හරී

colombotoday

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday