Colombo Today Local News

දියණියගේ කෙරුවාවෙන් ප්‍රබල ඇමතිට වැඩ වරදී.. අමාත්‍යාංශයෙන් දොට්ට බහින්න කොට්ට පැදුරු අකුලයි !

ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයෙන් පසු සිදුකිරීමට නියමිත බවට තහවුරු වී ඇති කැබිනට් සංශෝධනයට පෙර එජාපයේ ප්‍රබල ඇමතිවරයෙක් සිය ඇමතිධූරය හැරදමා යාමට සුදානම් වන බව වාර්තාවෙයි.

එදා “ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බවට” ප්‍රකාශ කළ මේ ප්‍රබල ඇමතිවරයාට යහපාලන ආණ්ඩුවෙන් හිමිවූ ප්‍රබල ඇමතිධුරය මේ තරම් ඉක්මණින් අහිමි වීම දැන් ආණ්ඩුව තුළ රසවත්ම මාතෘකාව බවට පත්ව ඇති බව සඳහන්.මේ වන විට සිය අමාත්‍යාංශයේ ඇති ලිපිගොණු ඇතුළු බඩුබාහිරාදිය සිය කාර්යමණ්ඩල සේවකයන් ලවා අස් කරමින් හිදින්නේ ඇමතිධුරය රැක ගැනීමට අගමැතිවරයාගෙන් හෝ පිහිටක් නොලැබෙන බව අදාළ ඇමතිවරයා හොඳින්ම දන්නා හෙයින් බව තතු දන්නෝ පවසති.

එජාපයේ ප්‍රබලයෙක් ලෙස පෙනී සිටි මෙම ඇමතිවරයාට මෙවන් ඉරණමක් අත්වී ඇත්තේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ දියණියගේ කල්ක්‍රියාව හේතුවෙනැයි දැනගන්නට තිබේ.ඇමති සතු බලතල තම දේපලක් ලෙස සිතමින් එම දියණිය පසුගිය කාලය පුරාම කටයුතු කර ඇති අතර කොන්ත්‍රාත්කරුවන්ගෙන් අල්ලස් ලබා ගැනීම පිළිබඳ කතන්දරයේ දිග පළල අගමැතිවරයාටද අනාවරණ වීම ඇමතිධුරය අහිමි වීම ඉක්මන් වීමට බලපා ඇති බවද වාර්තා වෙයි.පසුගිය කාලය පුරා මේ දියණියගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇමතිවරයා සම්බන්ධ අගමැතිවරයාට වාර්තා වී තිබූ කාරණා නිසා අගමැතිවරයාද එකී ප්‍රබල ඇමතිවරයා සම්බන්ධයෙන් පරල වී සිටි බව පැවසෙයි.

කොන්ත්‍රාත් ලබා දීමේදී එම අමාත්‍යාංශයට අයත් අධිකාරියේ සභාපතිවරයා සමඟද ගැටුම් ඇතිකර ගෙන තිබූ මේ ඇමති දියණිය පසුගියදා එම අධිකාරියට භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්ද බලහත්කාරයෙන් ඇය භාරයට ගෙන තිබේ.

කෙසේ නමුත් පසුගිය දිනෙක ඇමතිධූරය බේරා ගන්න අවශ්‍ය නම් ජනාධිපතිතුමන් මුණගැසෙන ලෙස එම ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා වීමම ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්නක් බව තතු දන්නෝ පවසති.

lankanewsweb

Related posts

ස.තො.ස සුදු ලූනු සිද්ධියේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

colombotoday

මහර ගැටුම – විමර්ශන කමිටුවේ වෙනසක්

colombotoday

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ සාකච්ඡාවක්

colombotoday

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

colombotoday

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday