Colombo Today Local News

මත්තලට එන ගුවන් යානා වලින් වසර දෙකක් යනකන් ගාස්තු අය නොකරයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම ගාස්තු මෙසේ නිදහස් කර ඇත්තේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා සහ ගුවන් මගින් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස යයිද ඇමතිවරයා කීය.

මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලයන් එයාර්, යුක්රේන් එයාර් ලයින්, ඉන්ඩිගෝ, එයාර් ඉන්ඩියා, එයාර් විස්තාරා, සලාම් එයාර්, එම්රේට්ස් සහ මෝල්ඩිවියන් එයාර් යන ගුවන් සමාගම් සමග සාකච්ඡා අවසන් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය ගුවන් සමාගම් අටක් මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා එවීම අරඹා ඇති බවත් රණතුංග මහතා පැවසුවේය.

Related posts

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

ගිනි අවි සමග මධුෂ්ගේ තවත් ගොලයෙක් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාව අඛණ්ඩව

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

නිල නොවන ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

colombotoday

දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා අපි ලග නැහැ – ඒකාබද්ධ විපක්‍ෂයේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – ඩලස්

colombotoday