Colombo Today Local News

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

බණ්ඩාරගම අටුලුගම අයේශා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පවසයි.

එම පුද්ගලයාගේ ශරීරයේ ස්ථාන කීපයකම සීරීම් තුවාල දක්නට තිබෙන බවක් බවත් එම නිලධාරියා කියයි.

සැකකරු පදිංචි නිවසේ ඇද යට සඟවා තිබූ මඩ තැවරුණු සරමක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දැරිය අතුරුදන් වූ දිනයේ පෙරවරු 10:15 ට පමණ දැරිය ගමන් ගත් මාර්ගයේ ඔහුගේ කීරකොටුව ඉදිරිපිට මුල්ලුවක් අත දරාගෙන සිට බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා පවසයි.

ඝාතනයට ලක්වූ දැරියගේ මළ සිරුර ද හමු වූයේ සැකකරු කිරකොටුවට යාබදව තිබෙන ලදු කැලෑ වේ මඩ ගොහොරුවේ තිබියදීය.

පොලිස් භාරයට ගෙන තිබෙන සැකකරුට මීට පෙර ද මවක් හා දියණියක් සිටින නිවසකට රාත්‍රී කාලයේ දී ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු බවත් ඒ සම්බන්ධයෙන් මීට මාස කීපයකට ඉහත දී බණ්ඩාරගම පොලීසියට ද පැමිණිලි ලැබී ඇතැයි එම නිලධාරියා වැඩි දිරටත් සදහන්කරයි.

Related posts

ඉන්ධන නැතිව විදුලි බලාගාර 8ක් නවතී

colombotoday

අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර වලට සහල් නොදෙන්න – කෘෂිකර්ම ඇමති දැනුම් දෙයි

Admin

ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය සැකෙවින්

colombotoday

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin

මට්ටක්කුලියේදී ඇල්ලු මත්ද්‍රව්‍ය ජාවාරමක මහමොළ කරු ඉන්දියාවේ | සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය බෙදා හරින බවට අනාවරණයක්

colombotoday