ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකත්වයට ගොඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම සූදානම් බවට අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කොළඹදී පැවති උත්සවයකදී අදහස් දැක්වූවා.
ශ්‍රීලනිපයේ දෙවනියා නොව, ඕනනම් තමන්ට පළවෙනියා වුවත් විය හැකි බවත් රාජපක්ෂ මහතා එහිදී පැවසීය. එහෙත් තමන්ට නායකත්වය අවශ්‍ය නොවන බවත්, තමන් අනුගමනය කරන ප්‍රතිපත්ති මාළාව අනුව මේ රට වෙනුවෙන්, රටේ ඒකීය භාවය වෙනුවෙන්, රට ආරක්ෂා කළ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයෙක් සමග එකතුවීමට තමන් සූදානම් බවද ඒ මහතා පැවසීය.