World

ජාතික ආරක්ෂාව සලකා “චයිනා මොබයිල්“ සමාගමට ඇමරිකාවේ දොර වසයි

ලෝකයේ විශාලතම දුරකථන සේවා සමාගම වශයෙන් පවත්නා “චයිනා මොබයිල්” ආයතනයට ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සේවා පවත්වාගෙන යෑමට ඉඩ දීමේ අවශ්‍යතාවක් නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. තමා චීනයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය ඇතිව යැයිද ට්‍රම්ප් කීවේය.

චීනයේ රාජ්‍ය සන්තක ආයතනයක් වන “චයිනා මොබයිල්” එක්සත් ජනපදයෙහි දුරකථන සේවයක් පවත්වාගෙන යෑමට බලපත්‍රයක් ඉල්ලා ඇමෙරිකා සන්නිවේදන කොමිසමට අයැදුම්පතක් ඉදිරිපත් කළේ 2011 වසරේදීය. එම අයැදුම්පත ප්‍රතික්ෂේප කළ යුතු යැයි එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව රජයට නිර්දේශ කළේය. මේ තත්ත්වය උදාවූයේ ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර වෙළෙද අර්බුදයක්ද පවතිද්දීය.

චයිනා මොබයිල් සමඟ දීර්ඝ සාකච්ඡා පැවැත්වුණු නමුත් එක්සත් ජනපදය පනවන ලද සමහර නීති මත දෙරට අතර ඇතිවූ අර්බුදය විස¼දා ගත හැකි වූයේ නැතැයි එක්සත් ජනපද වෙළෙඳ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන හා තොරතුරු අංශයේ සහකාර ලේකම් ඩේවිඩ් ජේ. රෙඩ්ල් ප්‍රකාශ කළේය. එහෙයින් ජාතික දුරස්ථ සන්නිවේදන හා තොරතුරු පරිපාලන කාර්යාංශයද චීනය ඉල්ලා සිටි බලපත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස රජයට නිර්දේශ කළ බවද රෙඩ්ල් පැවැසීය.

Related posts

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

Admin

පකිස්ථානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවා යයි.

colombotoday

ඉන්දියාවම ලොක්ඩවුන් වෙද්දී නිවෙස් වෙත මත්පැන් බෙදන බටහිර බෙංගාලය

colombotoday

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

colombotoday

චීනයෙන් නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් තිදෙනෙක් යවයි

colombotoday