Colombo Today Local News

ඉන්දියානු උවමනාවන්ට මෙරට ධීවර නීති වෙනස් කිරීම පාලකයන්ගේ නිවටකමක්

පසුගිය කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා උතුරු මුහුදු තීරයේ නීති විරෝධීලෙස ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවර යාත්‍රා 163ක් නැවත ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව ඔවුන්වෙත නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සාහය වහා නතර කරනමෙන් සමස්ථලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ජූලි (1) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක දී පවසන ලදී.

ශ්‍රී ලංකා හා ඉන්දීය රජයන් එක්වී 1974 හා 1976 වර්ශවලදී දෙරට අතර අන්තර්ජාතික මුහුදු සීමාව තීරණය කරන ඇත. එයට අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉන්දියානු ධීවර යාත්‍රා ඇතැළුවීම නීත්‍යානුකූල නොවන බවත් එය ශ්‍රී ලාංකික ධීවරයන්ගේ නිදහස් ආර්ථික කලාපයක් ලෙසත් පිළිගන්නා ලදී. නමුත් දැනට වසර ගණනාවක සිට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කර සිදුකරන මත්ස්‍ය මංකොල්ලය හේතුවෙන් පන්දහසක පමණ ධීවර ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බැවින් ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික ස්ථිරසාර විසඳමක් ලබා දෙන මෙන් උතුරේ ධීවර ප්‍රජාව සහ සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ අපි රජයට අවස්ථා ගණනාවක බල කරන ලදී. මේ පිළිබඳව 2014 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවට යෝජනා ගෙනවිත් ඇත.

විශේෂයෙන් ඉන්දීය ධීවර යාත්‍රා ඒ වන විට සතියකට 1500ක් පමණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කළ අතර මෙර ධීවරයන්ට පහරදීම් සහා දැල් ආම්පන්න විනාශ කිරීම සිදුකර ඇත. Bottom Trawing (පතුළ ඇදගෙනයාම) පන්න ක්‍රමය භාවිත කිරීම හේතුවෙන් සමස්ථ මත්ස්‍ය සම්පත විනාශ වීම සහ කුඩා ජීවීන් හා ජලජ පැළෑටි විනාශ වීම බරපතල තර්ජනයක්ව පැවතී. මේ නිසා සම්ස්ත රටට මසකට සිදුවන ආර්ථික හානිය රුපියල් මිලියන 6000ක් පමණ වන අතර සාගර පත්ලට හා මත්ස්‍ය වාසස්ථානවලට වන හානිය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැක.

මේ තත්වය පිළිබඳව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය හා උතුරු පළාත් ධීවර එකමුතුව ඒකාබද්ධව උතුරේ සහ අගනගරයේ උද්ඝෝශන, විරෝධතා රැසක් ක්‍රියාත්මක කරන ලදී. එවිට රජය කළේ නාවික හමුදාව මගින් ඉන්දීය යාත්‍රා සුළු ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන මාධ්‍ය සන්ධර්ශන පැවැත්වීමයි. නමුත් එය සමස්ථයෙන් 0.3%ක් වැනි සුළු ප්‍රමාණයක් බවත් එය ප්‍රමාණවත් නොවන බව තව දුරටත් අවධාරණය කරන ලදී. මෙලෙස අත්අඩංගුවට ගන්නා යාත්‍රා කෙටි කාලයකින් සුළු දඩයකට යටත් කර යාත්‍රාව හා ඔවුන් නිදහස් කර දීම මේ ක්‍රියාවලියට තව දුරටත් අනුබල දිමක් බැවින් මෙලෙස අත් අඩංගුවට පත් ඉන්දීය දීවර යාත්‍රා රාජසන්තක කිරීමට වලංගු වන පරිදි 1979 අංක 59 දරන විදේශීය ධීවර යාත්‍රා විධිමත් කිරීමේ පණත සංශෝධනය කරන ලෙසටය.

ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1979 අංක 59 දරන විදේශීය ධීවර යාත්‍රා විධිමත් කිරීමේ පනත සංශෝධය කර එසේ අත් අඩංගුවට පත් යාත්‍රා රාජසන්තක කිරීම හා දඩ මුදල් ඉහළ දැමීම සිදු කරන ලදී. නමුත් ඉන්දීය යාත්‍රා ඉන් පසුව ද මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේදී අත් අඩංගුවට ගන්නා ලදී. නමුත් එවකට ධීවර අමාත්‍යවරයා වූ මහින්ද අමරවීර මහතා මෙලෙස ධීවර යාත්‍රා 40ක් පමණ අත්අඩංගුවෙන් නිදහස් කර ඉන්දියාවට ලබා දී ඉතා නරක පූර්වාදර්ශයක් ලබා දුන්නේ ය. මෙරට පාලකයින්ගේ මෙම නිවට, නියාලු ප්‍රතිපත්තිය හමුවේ නැවත වරක් ඉන්දීය රජය විසින් මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවර යාත්‍රා 163ක් නිදහස් කරන ආණ්ඩුවට බලපෑම් කරමින් සිටිති. අප වෙත තොරතුරු වාර්තා වන පරිදි මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වන අතර එය නිවට, නියාලු, බියගුලු ප්‍රතිපත්තියක් ලෙස හැඳින්විය හැකිය.

මෙය ඉතා තීරණාත්මක අවස්ථාවක් බැවින් රටේ ජනාධිපති, අගමැති, ධීවර ඇමති, විදෙස්කටයුතු ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් මේ සඳහා සිදුකළ යුතු අතර තවදුරටත් ඉන්දියානු ධීවර ආක්‍රමණය නතර කිරීමට පවතින නීති බලාත්මක කිරීම වත්මන් ආණ්ඩුවේ වඟකීම බවත් හෙතෙම පවසන ලදී.

මෙම අවස්ථාවට සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා සහ බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු අජිත් නිශාන්ත මහතා සහභාගී විය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලති

colombotoday

රනිල් බබා අකිල බබාගේ ටැබ් එක ඔබන විත්තිය අපි දන්නවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday

පාර්ලිමේන්තුව අසළට ආ යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට පාට් දැමූ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක්

colombotoday

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

ඉඟිනියාගල සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

Admin

සිංහලයෙකු සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවට පල්ලියෙන් දුන් දඬුවම

colombotoday