Colombo Today Local News

පුත්තලමේ හරක් ජනතාවට බරක්

පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසක ප්‍රධාන මාර්ග අවහිර කරමින් අයාලේ යන ගවයින් රංචු වශයෙන් මාර්ගයේ තැනින් තැන රැදී සිටීම හේතුවෙන් රථ වාහන අනතුරු ඉහළ යාමේ දැඩි අවදානම් තත්ත්යක් මතුව ඇති බව කියයි.

මෙලෙස අයාලේ යන ගවයින් රංචු වශයෙන් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වන අකාරයට ගමන් කිරීම නිසාවෙන් සමහර අවස්ථාවන් වලදී යතුරුපැදි කරුවන්, පාපැදිකරුවන් සහ  ත්‍රිරෝද රථ රියදුරන් බහුතරයක් අනතුරු වලට මුහුණ පෑමට සිදුවන බව කියති.

එසේ අනතුරට ලක්වන සමහරුන් සුළු තුවාල ලබන අතර, තවත් සමහරුන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීම පවා සිදුව ඇති අවස්ථා අනන්ත අප්‍රමාණය. මෙසේ සිදුවන රථ වාහන අනතුරු හේතුවෙන් සමහර අවස්ථාවන් වලදී ගවයින්ගේ ජීවිතද බිලිවන බව කියති.

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය, මුන්දලම, කීරියන්කල්ලිය, මදුරන්කුලිය වැනි නාගරික ප්‍රදේශවලද පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ  මනල්තිව්, 4 කණුව, එළුවන්කුලම, වට්ටක්කන්ඩල්, ඉස්මයිල්පුරම්, සමගිපුර, කරඩිපුවල් වැනි මාර්ග වල නිරන්තරයෙන් මෙසේ අයාලේ යන ගවයින් දක්නට ලැබෙන අතර, මේ සදහා රථ වාහන පොලිසිය හෝ ගව ගාල් හිමිකරුවන් යන දෙපාර්ශවයම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන මුනිවත රැකීම විමතියට කරුණක්ව තිබේ.

ගව ගාල් හිමිකරුවන්ට මේ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමත්,   මෙසේ අයාලේ යන ගවයින් සම්බන්ධයෙන් සොයා නොබැලීමත්, නිසාවෙන් අහිංශක මිනිස් ජීවිත මහ මග අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ යාම මිස වෙනයම් විකල්පයක් නොතිබීම ගැටළු සහගත තත්ත්වයක්ව තිබේ.

සටහන සහ සේයාරූ

පුත්තලම ප්‍රියංකර කළුපහන

 

Related posts

පාසැල් එන සදුදා සිට විවෘතයි

colombotoday

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin

වත්මන් රජය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීමේ ප්‍රතිපත්තියක – ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

colombotoday

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

“අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත්”

Admin