Colombo Today Local News

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

සංචරණ සීමා පැනවීම හේතුවන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද(02)දින ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ⁣ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අතර එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ධීවර පවුල් 8,500කට බලපෑම් එල්ල වී ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට බලපෑමට ලක් වූ සියලු පවුල් හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව නෞකාව ගිනි ගැනීමෙන් ආදායම් මාර්ග අහිමි වූ ධීවරයින්ට රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ වේ.

ග්‍රාම නිලධාරීවරුන්ගේ සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එම කටයුතු සිදුවනු ඇති.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

දරුවන් දෙදෙනා ගේ ගෙල කපා සියදිවි හානි කරගත් පියා

Admin

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය – කන්නි විග්නරාජා

Admin

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday

රූමස්සල සාමණේර හිමිනමකුත් අභිරහස් ලෙස අපවත්වෙයි

colombotoday

එළවළු මිල 100% කින් ඉහළට

Admin