හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (05) දින දිවුරුම් දුන්නේය.
හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට උපුල් දිසානායක මහතා පත්කෙරිණි.
1997 නාගරික මන්ත්රීවරයකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ උපුල් දිසානායක මහතා මෙයට පෙර ද හපුතලේ නගරාධිපති ධූරය හොබවා තිබේ.