Colombo Today Sports News

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගිය ඉරිදා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේ ය.

ගුවන් තොටුපළේදී සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මොයින් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දැක්විණ.

ඒ අනුව 33 හැවිරිදි මොයීන් අලී දින 10 ක කාලයක් නිරෝධායනයට ලක් කර තිබේ.

ඔහු එංගලන්තයෙන් පිටත් වීමට පෙර කළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන නොමැත.

මොයින් අලීගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස ක්‍රිස් වෝක්ස් හඳුනා ගෙන ඇති අතර, ඔහුට ද මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් වීමට සිදුව තිබේ.

අද දිනයේ දී එංගලන්ත ක්‍රීඩකයින් යළි වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බව ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ වැඩි දුරටත් දැක්විණ.

එංගලන්ත කණ්ඩායම හෙට සිට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට ද නියමිතව තිබේ.

ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට ටෙස්ට් තරග 2 ක් ඇතුළත් අතර එහි පළමු තරගය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළේ ය.

අදාළ ආසාදිතයා සහ ඔහුගේ ආශ්‍රිතයන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

අවශ්‍යම කාර්ය මණ්ඩලය පමණක් ආයතනයේ රාජකාරි කටයුතුවල නිරත වන බවත්, අනෙකුත් සේවක සේවිකාවන් නිවසේ සිට රාජකාරි කරන බවත් ක්‍රිකට් ආයතනය එදින නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

20යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගය අතහැර දමයි..

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයි

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක තරගය අද

Admin

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්..

colombotoday