Colombo Today Sports News

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

මෙරට විස්සයි 20 තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ගණන හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ බංගලාදේශ කණ්ඩායම සමගින් අද පැවති පළමු විස්සයි 20 තරඟයේදියි.

මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ  කඩුලු 5ක් දැවී ලකුනු 193ක් රැස් කළා.

ඒ බංගලාද්ශ කණ්ඩායමක් විස්සයි 20 තරඟයක වාර්තා කළ වැඩිම ළකුණු ගණනයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කදී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

සාර්ථක පිතිකරණය නියැලුනු කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ධනුෂ්ක ගුණතිලක,තිසර පෙරේරා, සහ දසුන් ශානකද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ කුසල් මෙන්ඩිස් හටයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin

වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

colombotoday

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

මරදානේ දුරකතන අලෙවිසැලක් ගිනි ගනී

Admin