Colombo Today Local News

නීතිය නොතැකේ… “Colombo pride“ සමරිසි සැණකෙළිය මෙවරත් කොළඹදී !

සමරිසි පුද්ගලයන්ගේ සිවිල්, දේශපාලන හා සංස්කෘතික හා මානව අයිතීන් සම්බන්ධ වැඩමුළුවක් ලබන 9දා කොළඹදී පැවැත්වීමට ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය කටයුතු යොදා තිබේ.

තුන්වන වරටත් සංවිධානය කරන 2018 “කොළඹ අභිමානය“ සමරිසි සැණකෙළියට සමගාමීව එම වැඩසටහන පවත්වන බව ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා සඳහන් කළාය.

මානව ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා විවිධ අනන්‍යතාව, විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව පිළිබඳ වාර්තාකරණය ආදී මාතෘකා කෙරෙහි එම වැඩමුළුවේ අවධානය යොමු කෙරෙයි.

“කොළඹ අභිමානය“ සමරිසි සැණකෙළිය ආරම්භ වූයේ 2015 වසරේදීය. දකුණු පළාත නියෝජනය කරන, රජයේ ප්‍රබල දේශපාලකයෙකුගේ අතහිත ඊට නොඅඩුව ලැබෙන බවට වාර්තා පලවිණි. සමරිසි සේවනය, ප්‍රවර්ධනය මෙරට නිතියෙන් පිළිගෙන නැත.

Related posts

මන්ත‍්‍රීවරුන් 5ක් එජාපයෙන් නෙරපයි

colombotoday

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

වෙරිමතින් අධිවේගයේ බයික් පැද්ද රාලහාමි මෝටර් රථයක ගැටෙයි

colombotoday

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

colombotoday

10වන වසරේ සිසුවිය එක්දරු පියෙකුගේ දරුවෙක් නිවසේදී බිහිකර මවක් වෙයි

Admin

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

colombotoday