Colombo Today Local News

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

බස් රථවල නීති විරෝධීව සවිකර ඇති අමතර කොටස් ඉවත් කරන්නේ ක්ලීන් ලංකා වැඩපිළි යටතේ නොවන බව ජාතික ජන බලවේලග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කරයි.

එය පොලිසිය දැනටත් ඇති නීතිය ක්‍රියාත්මක කිරීමක් බවද ඔහු පවසයි.

ඇති වූ තත්ත්වයන් සමඟ බස් රථවලට නීති විරෝධී අමතර කොටස් ගලවා ඉවත් කිරීමට මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරද්දී ඇතැම් විට යුක්තිය මෙහෙයුම වැනි ස්වරූපයක් පෙනෙන්නට ඇති බවද පැවසූ ඔහු එනිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය

Related posts

වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු පලා යද්දී අල්ලයි

Admin

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday

යතුරුපැදියක් ලොරි රථයක ගැටී අවුරුදු 2ක දැරියක් මරුට

colombotoday

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

කොළඹ වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් 17 ක පිටපත් කතානායකට

colombotoday

ඥානසාර හිමි විනාශ කිරීමේ “සිවූරෙන් බෙල්ල කැපිල්ල” කුමන්ත්‍රණය එලියට

colombotoday