Colombo Today Local News

“ග්ලයිෆොසෙට් අධිවිෂ රසායනයක් බව තහවුරුකර තිබියදී විද්වත් කමිටු පත් කිරීම විහිළුවක්” – මහාචාර්ය චන්න ජයසුමන

ග්ලයිපොසෙට් තහනම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විද්වත් කමිටු පත් කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ගල්යිපොසෙට් වල් නාශකයෙන් ඇතිවන හානිදායක තත්ත්වය පිළිබදව පර්යේෂණවලින් තහවුරු කර තිබියදී එවැනි කමිටු පත් කිරීම අනවශ්‍ය බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ගැටලු යටපත් කිරීමට කමිටු පත් කිරීම වර්තමානයේ රට මුහුණපා ඇති ව්‍යසනයක් බවද චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.

ගල්පොසෙට් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණයට විරෝධය එල්ලවීමත් සමග ඒ පිළිබදව තීරණයක් ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් විද්වත් කමිටුවක් පත් කරන ලදි.

Related posts

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday

කම්කරු අණ පනත් රැසකට සංශෝධන

colombotoday

විජයග්‍රහණයේ සැමරුම රජය අවලංගු කරද්දී යාපනය සරසවියේ කොටි සමරයි

colombotoday

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

ඥානසාර හිමි ගංවතුරට යටවේ

colombotoday