Colombo Today Local NewsTop Stories

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි අල් හුසේන් සාමාජික රටවලට දන්වයි !

යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමට හැකි ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කරන ලෙස සාමාජික රටවල්වලින් ඉල්ලා සිටින බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඊයේ (22 වැනිදා) සිය වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කළේය.

සෙයිද් රාද් හුසේන් වෙනුවෙන් නියෝජ්‍ය මහ කොමසාරිස්‌ කේට්‌ ගිල්මෝර් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති බවට එම වාර්තාවේ චෝදනා කර තිබිණි. මේ අතර තුර්කි රජය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ වාර්තා ඒකපාක්‍ෂික බව චෝදනා කළේය.

ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස්‌වරයා අනුකම්පා කර ඇතැයි තුර්කි තානාපතිවරයා මානව හිමිකම් කොමසාරිස්‌ට චෝදනා කළේය.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඊළාම් සංවිධාන 6 ක්‌ ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රටක්‌ බිහිකළ යුතු බවට ප්‍රකාශ කරනු ලැබීය.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

මල්වතු හිරිපිටිවල හිමි නමක් ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin

ලංකාවේ IT රැකියා ඉන්දියාවේ මකර කටට! මේකද හංසයාට කතිරය ගහපු පිරිස බලාපොරොත්තු වුයේ?

colombotoday

වැල්ලම්පිටියේ ගංවතුර බලන්න පවුල් පිටින් සංචාරයේ ආ ඇමතිට හූ කියා පන්නයි

colombotoday

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

Admin

හංවැල්ලේදී පුද්ගලයෙකුට පහර දී මරා දාලා

Admin

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday