Colombo Today Local NewsColombo Today Sports News

25% දඩයක් ගහල ඇතිද? බංග්ලාදේශයට ක්‍රිකට් තහනම් කරන්න – ඉන්දියාවෙන් ඉල්ලීමක්

නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ආන්දෝලනාත්මක තරඟයේ සිදුවීම් ගැන තවමත් ජාත්‍යන්තර මාද්‍ය වල විවිද අදහස් පලවන අතර ඉන්දියා ටුඩේ පුවත් පත සමඟ එකතු වෙමින් ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන නිකිල්  චොප්රා පවසා ඇත්තේ තරඟාවලිය නිදහස් කුසලානය බව බංගලාදේශයට අමතක වූ බවය.

“අමතක කරන්න එපා මේක නිදහස් කුසලානය,තරඟාවලියට ක්‍රීඩා කරන්නේ සහෝදර කණ්ඩායම් තුනක්,බංගලාදේශය ඒක අමතක කලා,ෂකීබ් කියන්නේ කණ්ඩායමේ නායකයා ,එයාගේ හැසිරීම අනුව තමයි කණ්ඩායමේ හැසිරීම තීරණය වෙන්නේ ඒක පිළිකුල් සහගත හැසිරීමක්.”

ක්‍රිකට් පිටියේ කුකුල් කේන්ති කාරයකු ලෙස සලකන හර්බජාන් සිං මෙම සිද්දිය ගැන පවසා ඇත්තේ බංගලාදේශය ක්‍රිකට් රසිකයන් අහිමි කර ගැනීමක් මේ සිද්දිය සමඟ සිදු වූ බවය.

“මේ සිද්දිය ගැන කතා කරනවානම් මගේ ක්‍රිකට් ජීවිතයේ මේ වගේ සිද්දි කීපයකටම මම මුහුණ දීල තියනවා,හැබැයි ඒ හැම දේම ක්‍රීඩා පිටිය ඇතුලේ,මේ සිද්දිය බැලුවම මෙතන ක්‍රීඩා ශීලිත්වයට නොගැලපෙන දෙයක් තියෙන්නේ,මට කියන්න තියෙන්නේ බංගලාදේශයට හිටපු ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ සිද්දිය එක්ක ඔවුන් නැති කර ගත්තා.”

හර්බජාන් එක අවස්තාවක IPL තරඟාවලියේ තරඟයක අම්බති රයිදු සමඟ ගැටුමකට යන ආකාරයත් ශ්‍රී ශාන්ත්ගේ කණට පහරක් එල්ල කරන ආකාරයත් ගැන ඒ දිනවල ඔහුට චෝදනා එල්ල වූ අතර නමුත් මේ සිද්දියේ කන්ඩායමක් විදියට බංගලාදේශය හැසිරුණ අකාරය අනුමත කළනොහැකි බව මෙම කුකුල් කේන්ති කාරයා පවසා ඇත.

“විනිසුරුවන්ගෙන් පොඩි වැරදි තරඟවල වෙන එක නවත්වන්නේ කොහොමද, එහෙම දෙයක් වුනා කියල කොහොමද බංගලාදේශය තරඟය නවත්වන්න උත්සාහ කරන්නේ, අනිත් එක දොරක් කඩාගෙන එලියට දුවන්න තරම් සතුටු හිතෙන දෙයක් එදා වුනාද, මම නම් ඒ සිද්දි ගැන ගොඩක් කණගාටු වෙනවා.”

තරඟයේ හැසිරීම සම්භන්දයෙන් ෂකීබ් අල් හසන්ට සහ නුරාල් හසන් ට තරඟ මුදලින් 25% දඩයක් පැනවීම ගැනද හර්බජාන් එතරම් සතුටක් දක්වා තිබුනේ නැත.

“මම ඒක ඇහුවම පුදුම හිතුනා,තරඟ තීරකයා මීට වැඩිය සිද්දිය ගැන හිතන්න තිබුනා,25% දඩයක් ගහල ඇතිද ඒ කරපු දේට අඩුම ගානේ බංගලාදේශ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟ දෙකක් වත් තහනම් කරන්න තිබුනා.”

Related posts

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

colombotoday

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

colombotoday

ගම්පහ වැවක් හදන්න රු.කෝටි 3300 ක්. | චීනෙන් ණයක් දීලා කොන්ත්‍රාත්තුවත් චීනෙම ගනියි.

colombotoday

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

Admin

අඹු සැමි හුවමාරු කිරීමේ සංගමයක්. බුකියේ සිදුකල ජඩ වැඩේ පත්තු වෙයි. ඇඩ්මින් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday