Colombo Today Local News

වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය 2017 වසරේ.. සංගණන වාර්තාව ඉවත්කරගනී…

ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වසරට අදාළ සම්පූර්ණ වාර්තාව හා 2018 වසරේ මුල් කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇතුලත් වාර්තාව එම දෙපාර්තමේත්තුව විසින් ඉවත් කරගෙන තිබේ.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වසර 16 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවී තිබේ.

2016 වසරේදී ආර්ථක වර්ධනය වේගය 4.4 % ක් ලෙස සටහන් වී අති අතර අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1 දක්වා පහත වැටී තිබේ.

වාර්තාව සැකසීම සඳහා අවශ්‍ය දත්ත අවසාන මොහොතේ ලැබුණු බවත් ඒ අනුව මෙම වාර්තාව නිකුත් කළ බවත් කෙසේ නමුත් පසුගිය වසරේ මුල් කාර්තුවේ සිට සම්පූර්ණ වර්ෂයේ දත්ත නැවත ගණනය කිරීම හා සංශෝධනය කිරීම අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජේ සතරසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් මෙය දිගු ක්‍රියාවලියක් බවත් දත්තවල සුළු හෝ අඩුපාඩුවක් නොවීමට තමන් වගබලා ගන්නා බවත් දත්ත නැවත සකස් කර දින දෙකක් හෝ තුනක් තුළ වාර්තාව නැවත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද දෙරණ

Related posts

අගමැති ඉල්ලා අස් වෙන්නේ නෑ – සභානායක දිනේෂ් ගුණවර්ධන

colombotoday

පළාත්සභා මැතිවරණයට ශ්‍රීලනිප අපෙක්ෂකයන් නෑ… දැම්මත් දිනන්නත් බෑ

colombotoday

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

colombotoday

“වෙන රටකදී හමුදා කදවුරකට පැන්න නම් ගන්න වෙන්නේ මළකද” සම්බන්ධන්ට ඇඩෙන්නම දෙරණෙ චතුර කියයි

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday

මියගිය සුනිල් පෙරේරාගේ බිරිඳට යළි කොවිඩ්

colombotoday