කොළඹදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වූ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව ඉවත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
ඔහු සඳහන් කළේ ආණ්ඩුව පෙරළීම සඳහා රටවටේ යාමට මිලිටරි කණ්ඩාම්වලට ඉඩ ලබාදිය නොහැකි බවයි. එසේ වුවහොත් ජාත්‍යන්තරයෙන් ගැටලු ඇතිවිය හැකි බවත්, මිලිටරි මානසිකත්වය තිබෙන අය ඒ අකාරයට හමුදාව තබාගෙන සිටීමට කැමැත්තක් දක්වන බවත් ඇමතිවරයා එහිදී කියා සිටියේය.