Colombo Today Local News

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

vijithamuni soiza

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස තමන් රට වටේම යන බවත්, රට වටේ යාම නිසා තමාගේ බෙල්ලේ සහ කොන්ද ප්‍රදේශයේ ඇට ගෙවී තිබෙන බව තහවුරු වී ඇති බවත්, එනිසා සුපිරි වාහනයක් තමාට අවශ්‍ය බවත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

බස් එකේ හෝ පයින් ගොස් ජනතාවට සේවය කළහැකි වුවත් තමා ලංකාවේ අවසාන කෙළවරේම සිටින අමාත්‍යවරයා නිසා ඉතා හොද තත්ත්වයේ වාහනයක් තමාට අවශ්‍ය බවද, තමාට ලබා දී තිබෙන වාහන දෙකම මේවනවිටත් අබලන් වීම හා අනතුරට ලක්වීම නිසා ගරාජ් වලට දමා තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා පසුව හෝ තමාගේ වැඩකටයුතු කිරීමට හොද වාහනයක් අවශ්‍ය බවද පවසා සිටියේය.

අද (13දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියහ. පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩනැගීමට සියළු දෙනා කැප කිරීම් කළ යුතු බවද, අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ගත් තීන්දුව පවා තාවකාලිකව නවතා දැමුවේ එම කාරණය නිසා බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.

Related posts

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

colombotoday

රනිල්-සජිත්ට අද විශේෂ දවසක්

Admin

සෙනසුරු මාරුවෙයි.. ජනපතිගේ මාරක අනාවැකියත් මාරු වෙයි !

colombotoday

දිස්ත්‍රික්ක හතරකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

නොරොච්චෝල බලාගාරයේ නීති විරෝධී ව්‍යාපෘතියකට රුපියල් කෝටි 12 ක් මහජන මුදල් වැය කරලා.

colombotoday