Colombo Today Local News

ලාංකිකයන් 30,000කට ඇමරිකාවේ රැකියා

අමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය සඳහා මෙරටින් සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පෙන්වාදෙන්නේ අමෙරිකානු රජයේ ලියාපදිංචි විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතනයක් විසින් ඊට අදාළ ගිවිසුම ඊයේ දිනයේ අත්සන් කළ බවයි.

අදාළ ගිවිසුම අවුරුදු පහකට වලංගු වන අතර මෙමගින් රැකියා අවස්ථා 30,000කට අධික ප්‍රමාණයක් හිමි වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

එමෙන්ම එහි පළමු කණ්ඩායම කඩිනමින් බඳවා ගන්නා බවත්, කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයක පුහුණුවීම් කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

Related posts

2014 දී දකුණු ආසියාවෙන්ම එක.. දැන් තුන.. සියළුම සංවර්ධන දර්ශකවලින් ලංකාව පහළට !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පඩිය වැඩිකර ලක්ෂයක දීමනාවකුත් දෙන්න අගමැතිගෙන් යෝජනා

colombotoday

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද

Admin

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

colombotoday

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

colombotoday