Colombo Today Local News

“රටේ මීළග ජනාධිපති රනිල්.. අගමැති අකිල විරාජ්” – ජෝන්ගෙන් අනාවැකියක්

රටේ මීළග ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ඇමති අකිල විරාජ් කාරියවසක් කවදා හරි දවසක මෙරට අගමැතිවරයා වන බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (23) කෝට්ටේ පැවති උත්සවයකට එක් වෙමින්.

රනිල් වික්‍රමසිංහ තම වගකීම් නිසි ලෙස ඉටු කරමින් පක්ෂය ඉදිරියට ගෙන යන බවත් , ඔහුට ඉදිරියේදී මේ රටේ ජනාධිපති වීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් , එසේම අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් කවදා හරි දවසක මේ රටේ අගමැති වන බවත් පැවසූ අමාත්‍යවරයා සදහන් කළේ නව ව්‍යවස්ථාව හරහා අගමැතිවරයාට සියළු බලතල ලැබීමට ඉඩකඩ පවතින බවත්, අමාරුවෙන් ලබා ගත් මේ සම්මුතිවාදි ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සියළු දෙනාගේම වගකීමක් ද වන බවයි.

Related posts

“ජනපති සිංහනාද කළත් වැට් බද්ද දැන් ක්‍රියාත්මකයි” – ගම්මන්පිල

colombotoday

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

colombotoday

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆිට නීතිපති හිග වැටුප් ගෙවයි

colombotoday

මම හෙළිකොප්ටරෙන් යනකොට පා ගමන දැක්කා.. සෙනග නෑනේ.. සෙනග ඉන්න පොටෝ හදපු ඒවා

colombotoday

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday