Colombo Today Local News

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව

2009 විදුලිබල පනතට අනුව ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව පළ කර තිබේ.

එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කරන්නේ, කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති විදුලි බිල සංශෝධනයේ සෙසු කරුණු සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

එම තීරණ සිය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ ඒකමතික තීරණයක් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

විදුලිය බිල 65% – 70% ත් අතර අගයකින් ඉහළ දැමීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.

ඒ, ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කරන ලෙස දන්වමිනි.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දිගින් දිගටම අවධාරණය කළේ, එලෙස විදුලි ගාස්තු සංශෝධනයට අවසර දිය නොහැකි බවයි.

එහෙත්, විදුලි බල පනතේ දක්වා ඇති පරිදි විදුලි බිල සංශෝධනය කිරීමට අදාළ ගණනය කිරීම් කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ ය.

Related posts

රවී අයවැයෙන් ‘සමෘද්ධිය‘ නැති කරයි !.. එස්.බී. ගෙන් නිවේදනයක්

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

colombotoday

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday

එජාප අපේක්ෂකයෙක් අම්බානක නෙලයි.. පොහොට්ටු ආධාරකරුවෝ රෝහලේ.. පොලිසිය නීතිය නමයි !

colombotoday

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday