නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (16දා) පෙරවරුවේ පැවැතියේය. මෙහිදි එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රන්ජන් රාමනායක මහතා තවදුරටත් උත්සාහ ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙහිදී ජනපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්කරගෙන සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි පවසා ඇති බව ආරංචි මාර්ග පවසයි.