Colombo Today Local News

ශ්‍රීලනීප ආණ්ඩුවකට ජනාධිපති එකඟයි.. ඒකාබද්ධයට දුන් පොරොන්දුව මෙන්න

ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවල එකඟතාව අනුව නිමල් සිරිපාල ඇමැතිවරයා අගමැති ධූරයට පත් කෙරෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනාධිපති නිලනිවසේදී ඒකාබද්ධ විපක්ෂය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

පිහිටුවීමට නව ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගෙන සහයෝගය තහවුරු කරන්නැයි ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටි නමුත් එය එසේ වීමට නම් අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටියේ යැයි ද මන්ත්‍රීවරයා කීය.

එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීමට එකඟ නොවන බැවින් ඇමැතිකම් ලබා නොගෙන ආණ්ඩුවට සහාය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේ යැයි ද ඔහු කීය.

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා ද මාධ්‍ය වෙත කියා සිටියේය.

Related posts

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

colombotoday

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin

සිවාජිලිංගම්ට ඇප

colombotoday

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

කංසා වගාව නීතිගත කරන්න. උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතුයි. | මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම. සජබ මන්ත්‍රිනි ඩයනා කියයි

colombotoday

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday